Gunapala Malalasekera in Impressive Speech in USA in 1963

From FACEBOOK …. reference disappeared in FB F…g mnner

On April 27, 1963, Professor Gunapala Piyasena Malalasekara/මහාචාර්ය ගුණපාල පියසේන මලලසේකර (1899-1973), who was then Sri Lanka’s Permanent Representative to the United Nations, delivered a speech to approximately 200 invited guests gathered at the LBJ Ranch—the private residence of then-Vice President Lyndon Baines Johnson.⁣⁣

𝐓𝐡𝐞 𝐥𝐢𝐧𝐤 𝐭𝐨 𝐡𝐢𝐬 𝐬𝐩𝐞𝐞𝐜𝐡 𝐯𝐢𝐝𝐞𝐨 𝐢𝐬 𝐢𝐧 𝐭𝐡𝐞 𝐜𝐨𝐦𝐦𝐞𝐧𝐭𝐬. ⁣⁣

1963 අප්රේල් 27 දින එවකට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්රීලංකාවේ නියෝජිතවරයා වූ මහාචාර්ය ගුණපාල පියසේන මලලසේකර (Prof. Gunapala Malalasekara) ඇමරිකානු උප ජනාධිපති ලින්ඩන් බී. ජොන්සන්ගේ පෞද්ගලික නිවහනක්වූ එල්.බී ජේ රෑන්ච්හීදී (LBJ ranch of then Vice President Lyndon Baines Johnson) රැස්ව සිටි අනෙකුත් ආරාධිතයින් 200 පමන අමතා කතාවක් කලේය. ⁣⁣
⁣⁣
එදින ඔහු සැරසී සිටියේ තමන් විසින්ම නිර්මාණයට උරදුන් අපගේ ජාතික ඇඳුමෙනි. ඔහුගේ සාටකය කොළ පැහැති එකක් බව එදින ලියැවූ සටහන්වල සඳහන්වේ.⁣⁣ **එදින ඔහු කල කතාවේ වීඩියෝවද කොමෙන්ට් වල අමුනා ඇත. ගුණපාල පියසේන මලලසේකරයන් පිළිබඳව වැඩි යමක් නොදන්නා පිරිස වෙනුවෙන්, එතුමාගේ ජයග්රහණ/හැකියාවන් පිළිබඳ කෙටි හැඳින්වීමක් පහත දැක්වේ

𝐅𝐨𝐫 𝐭𝐡𝐨𝐬𝐞 𝐰𝐡𝐨 𝐝𝐨 𝐧𝐨𝐭 𝐤𝐧𝐨𝐰 𝐦𝐮𝐜𝐡 𝐚𝐛𝐨𝐮𝐭 Gunapala Piyasena Malalasekara, 𝐡𝐞𝐫𝐞’𝐬 𝐚 𝐛𝐫𝐢𝐞𝐟 𝐛𝐫𝐞𝐚𝐤𝐝𝐨𝐰𝐧 𝐨𝐟 𝐡𝐢𝐬 achievements

⁣⁣ශාස්ත්රීය මෙහෙවර: ලෝක ප්රකට “මලලසේකර ඉංග්රීසි-සිංහල ශබ්දකෝෂයේ” නිර්මාතෘවරයා වන අතර පාලි භාෂාව පිළිබඳ පරම විද්වතෙකි.⁣⁣

𝐀𝐜𝐚𝐝𝐞𝐦𝐢𝐜 𝐋𝐞𝐠𝐚𝐜𝐲: 𝐇𝐞 𝐰𝐚𝐬 𝐭𝐡𝐞 𝐜𝐫𝐞𝐚𝐭𝐨𝐫 𝐨𝐟 𝐭𝐡𝐞 𝐰𝐨𝐫𝐥𝐝-𝐟𝐚𝐦𝐨𝐮𝐬 “𝐌𝐚𝐥𝐚𝐥𝐚𝐬𝐞𝐤𝐞𝐫𝐚 𝐄𝐧𝐠𝐥𝐢𝐬𝐡-𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐃𝐢𝐜𝐭𝐢𝐨𝐧𝐚𝐫𝐲” 𝐚𝐧𝐝 𝐚 𝐩𝐫𝐞𝐞𝐦𝐢𝐧𝐞𝐧𝐭 𝐬𝐜𝐡𝐨𝐥𝐚𝐫 𝐨𝐟 𝐭𝐡𝐞 𝐏𝐚𝐥𝐢 𝐥𝐚𝐧𝐠𝐮𝐚𝐠𝐞.⁣⁣
⁣⁣
උපාධි වාර්තාව: 1919 දී ලන්ඩන් විශ්වවිද්යාලයෙන් ප්රථම පෙළ සාමාර්ථයක් සහිතව කලා උපාධිය (BA) ලබාගත් බ්රිතාන්ය අධිරාජ්යයේ ලාබාලතම සිසුවා බවට පත්විය.⁣⁣
𝐀𝐜𝐚𝐝𝐞𝐦𝐢𝐜 𝐑𝐞𝐜𝐨𝐫𝐝: 𝐈𝐧 𝟏𝟗𝟏𝟗, 𝐡𝐞 𝐛𝐞𝐜𝐚𝐦𝐞 𝐭𝐡𝐞 𝐲𝐨𝐮𝐧𝐠𝐞𝐬𝐭 𝐬𝐭𝐮𝐝𝐞𝐧𝐭 𝐢𝐧 𝐭𝐡𝐞 𝐁𝐫𝐢𝐭𝐢𝐬𝐡 𝐄𝐦𝐩𝐢𝐫𝐞 𝐭𝐨 𝐨𝐛𝐭𝐚𝐢𝐧 𝐚 𝐁𝐚𝐜𝐡𝐞𝐥𝐨𝐫 𝐨𝐟 𝐀𝐫𝐭𝐬 (𝐁𝐀) 𝐝𝐞𝐠𝐫𝐞𝐞 𝐰𝐢𝐭𝐡 𝐟𝐢𝐫𝐬𝐭-𝐜𝐥𝐚𝐬𝐬 𝐡𝐨𝐧𝐨𝐫𝐬 𝐟𝐫𝐨𝐦 𝐭𝐡𝐞 𝐔𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐢𝐭𝐲 𝐨𝐟 𝐋𝐨𝐧𝐝𝐨𝐧.⁣⁣
⁣⁣
අධ්යාපන ක්ෂේත්රය: කොළඹ ආනන්ද විද්යාලයේ උප විදුහල්පති ලෙසත්, කොළඹ නාලන්දා විද්යාලයේ ආරම්භක විදුහල්පතිවරයා ලෙසත් කටයුතු කළේය.⁣⁣
𝐄𝐝𝐮𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐒𝐞𝐜𝐭𝐨𝐫: 𝐇𝐞 𝐬𝐞𝐫𝐯𝐞𝐝 𝐚𝐬 𝐭𝐡𝐞 𝐕𝐢𝐜𝐞 𝐏𝐫𝐢𝐧𝐜𝐢𝐩𝐚𝐥 𝐨𝐟 𝐀𝐧𝐚𝐧𝐝𝐚 𝐂𝐨𝐥𝐥𝐞𝐠𝐞, 𝐂𝐨𝐥𝐨𝐦𝐛𝐨, 𝐚𝐧𝐝 𝐰𝐚𝐬 𝐭𝐡𝐞 𝐟𝐨𝐮𝐧𝐝𝐢𝐧𝐠 𝐏𝐫𝐢𝐧𝐜𝐢𝐩𝐚𝐥 𝐨𝐟 𝐍𝐚𝐥𝐚𝐧𝐝𝐚 𝐂𝐨𝐥𝐥𝐞𝐠𝐞, 𝐂𝐨𝐥𝐨𝐦𝐛𝐨.⁣⁣
⁣⁣
විශ්වවිද්යාල සේවය: ලංකා විශ්වවිද්යාලයේ පෙරදිග අධ්යයන පීඨයේ පීඨාධිපතිවරයා සහ පාලි මහාචාර්යවරයා ලෙස සේවය කළ අතර, බෞද්ධ විශ්වකෝෂයේ ප්රධාන කර්තෘවරයා ද විය.⁣⁣
𝐔𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐢𝐭𝐲 𝐒𝐞𝐫𝐯𝐢𝐜𝐞: 𝐇𝐞 𝐬𝐞𝐫𝐯𝐞𝐝 𝐚𝐬 𝐭𝐡𝐞 𝐃𝐞𝐚𝐧 𝐨𝐟 𝐭𝐡𝐞 𝐅𝐚𝐜𝐮𝐥𝐭𝐲 𝐨𝐟 𝐎𝐫𝐢𝐞𝐧𝐭𝐚𝐥 𝐒𝐭𝐮𝐝𝐢𝐞𝐬 𝐚𝐧𝐝 𝐏𝐫𝐨𝐟𝐞𝐬𝐬𝐨𝐫 𝐨𝐟 𝐏𝐚𝐥𝐢 𝐚𝐭 𝐭𝐡𝐞 𝐔𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐢𝐭𝐲 𝐨𝐟 𝐂𝐞𝐲𝐥𝐨𝐧, 𝐚𝐧𝐝 𝐰𝐚𝐬 𝐚𝐥𝐬𝐨 𝐭𝐡𝐞 𝐄𝐝𝐢𝐭𝐨𝐫-𝐢𝐧-𝐂𝐡𝐢𝐞𝐟 𝐨𝐟 𝐭𝐡𝐞 𝐄𝐧𝐜𝐲𝐜𝐥𝐨𝐩𝐚𝐞𝐝𝐢𝐚 𝐨𝐟 𝐁𝐮𝐝𝐝𝐡𝐢𝐬𝐦.⁣⁣
⁣⁣
රාජ්ය තාන්ත්රික සේවය: සෝවියට් සංගමයේ (USSR) ප්රථම ලංකා තානාපතිවරයා වූ අතර, පසුව එක්සත් රාජධානිය, කැනඩාව යන රටවල මහා කොමසාරිස් ලෙසත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලංකා නිත්ය නියෝජිත ලෙසත් කටයුතු කළේය.⁣⁣
𝐃𝐢𝐩𝐥𝐨𝐦𝐚𝐭𝐢𝐜 𝐒𝐞𝐫𝐯𝐢𝐜𝐞: 𝐇𝐞 𝐰𝐚𝐬 𝐭𝐡𝐞 𝐟𝐢𝐫𝐬𝐭 𝐂𝐞𝐲𝐥𝐨𝐧𝐞𝐬𝐞 𝐀𝐦𝐛𝐚𝐬𝐬𝐚𝐝𝐨𝐫 𝐭𝐨 𝐭𝐡𝐞 𝐒𝐨𝐯𝐢𝐞𝐭 𝐔𝐧𝐢𝐨𝐧 (𝐔𝐒𝐒𝐑) 𝐚𝐧𝐝 𝐥𝐚𝐭𝐞𝐫 𝐬𝐞𝐫𝐯𝐞𝐝 𝐚𝐬 𝐭𝐡𝐞 𝐇𝐢𝐠𝐡 𝐂𝐨𝐦𝐦𝐢𝐬𝐬𝐢𝐨𝐧𝐞𝐫 𝐭𝐨 𝐭𝐡𝐞 𝐔𝐧𝐢𝐭𝐞𝐝 𝐊𝐢𝐧𝐠𝐝𝐨𝐦 𝐚𝐧𝐝 𝐂𝐚𝐧𝐚𝐝𝐚, 𝐚𝐬 𝐰𝐞𝐥𝐥 𝐚𝐬 𝐭𝐡𝐞 𝐏𝐞𝐫𝐦𝐚𝐧𝐞𝐧𝐭 𝐑𝐞𝐩𝐫𝐞𝐬𝐞𝐧𝐭𝐚𝐭𝐢𝐯𝐞 𝐨𝐟 𝐂𝐞𝐲𝐥𝐨𝐧 𝐭𝐨 𝐭𝐡𝐞 𝐔𝐧𝐢𝐭𝐞𝐝 𝐍𝐚𝐭𝐢𝐨𝐧𝐬.⁣⁣
⁣⁣
බෞද්ධ නායකත්වය: ලෝක බෞද්ධ මහා සම්මේලනයේ (WFB) නිර්මාතෘවරයා වූ අතර, වසර 25 ක් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.⁣⁣
𝐁𝐮𝐝𝐝𝐡𝐢𝐬𝐭 𝐋𝐞𝐚𝐝𝐞𝐫𝐬𝐡𝐢𝐩: 𝐇𝐞 𝐰𝐚𝐬 𝐭𝐡𝐞 𝐟𝐨𝐮𝐧𝐝𝐞𝐫 𝐨𝐟 𝐭𝐡𝐞 𝐖𝐨𝐫𝐥𝐝 𝐅𝐞𝐥𝐥𝐨𝐰𝐬𝐡𝐢𝐩 𝐨𝐟 𝐁𝐮𝐝𝐝𝐡𝐢𝐬𝐭𝐬 (𝐖𝐅𝐁) 𝐚𝐧𝐝 𝐬𝐞𝐫𝐯𝐞𝐝 𝐚𝐬 𝐭𝐡𝐞 𝐏𝐫𝐞𝐬𝐢𝐝𝐞𝐧𝐭 𝐨𝐟 𝐭𝐡𝐞 𝐀𝐥𝐥 𝐂𝐞𝐲𝐥𝐨𝐧 𝐁𝐮𝐝𝐝𝐡𝐢𝐬𝐭 𝐂𝐨𝐧𝐠𝐫𝐞𝐬𝐬 𝐟𝐨𝐫 𝟐𝟓 𝐲𝐞𝐚𝐫𝐬.⁣⁣
⁣⁣
සමාජ සේවය: බියගම විහාරමහාදේවි බාලිකා නිවාසය ඇතුළු ළමා නිවාස කිහිපයක් පිහිටුවීමට මූලිකත්වය ගත්තේය.⁣⁣
𝐒𝐨𝐜𝐢𝐚𝐥 𝐒𝐞𝐫𝐯𝐢𝐜𝐞: 𝐇𝐞 𝐭𝐨𝐨𝐤 𝐭𝐡𝐞 𝐥𝐞𝐚𝐝 𝐢𝐧 𝐞𝐬𝐭𝐚𝐛𝐥𝐢𝐬𝐡𝐢𝐧𝐠 𝐬𝐞𝐯𝐞𝐫𝐚𝐥 𝐜𝐡𝐢𝐥𝐝𝐫𝐞𝐧’𝐬 𝐡𝐨𝐦𝐞𝐬, 𝐢𝐧𝐜𝐥𝐮𝐝𝐢𝐧𝐠 𝐭𝐡𝐞 𝐕𝐢𝐡𝐚𝐫𝐚𝐦𝐚𝐡𝐚𝐝𝐞𝐯𝐢 𝐆𝐢𝐫𝐥𝐬’ 𝐇𝐨𝐦𝐞 𝐢𝐧 𝐁𝐢𝐲𝐚𝐠𝐚𝐦𝐚.⁣⁣
⁣⁣
ජාතික අනන්යතාවය: අනගාරික ධර්මපාලතුමාගේ ආභාෂය ලබමින් සිය බටහිර නම් ඉවත් කර “ගුණපාල පියසේන” යන සිංහල නාමය වැළඳගත් අතර, සිංහල ජාතික ඇඳුම නිර්මාණය කිරීමට ද දායක විය.⁣⁣
𝐍𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐈𝐝𝐞𝐧𝐭𝐢𝐭𝐲: 𝐈𝐧𝐟𝐥𝐮𝐞𝐧𝐜𝐞𝐝 𝐛𝐲 𝐀𝐧𝐚𝐠𝐚𝐫𝐢𝐤𝐚 𝐃𝐡𝐚𝐫𝐦𝐚𝐩𝐚𝐥𝐚, 𝐡𝐞 𝐫𝐞𝐩𝐥𝐚𝐜𝐞𝐝 𝐡𝐢𝐬 𝐖𝐞𝐬𝐭𝐞𝐫𝐧 𝐧𝐚𝐦𝐞𝐬 𝐰𝐢𝐭𝐡 𝐭𝐡𝐞 𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐧𝐚𝐦𝐞 “𝐆𝐮𝐧𝐚𝐩𝐚𝐥𝐚 𝐏𝐢𝐲𝐚𝐬𝐞𝐧𝐚” 𝐚𝐧𝐝 𝐜𝐨𝐧𝐭𝐫𝐢𝐛𝐮𝐭𝐞𝐝 𝐭𝐨 𝐭𝐡𝐞 𝐝𝐞𝐬𝐢𝐠𝐧 𝐨𝐟 𝐭𝐡𝐞 𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐧𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐜𝐨𝐬𝐭𝐮𝐦𝐞.⁣⁣
⁣⁣

***********************

AN EDITORIAL NOTE

A= Dr Mamlalasekera was among those encomapssed in the ROBERTS ORAL HISTORY PROJECT. See Malalasekera, Dr G.P. Uni lecturer, pol religious leader … 7 Jan 1968 

B = His son Vijaya Malalasekera wasa good cricketer and played cricket for Cambrige University after attending Royal College. He became a leading hand in the Ceylon Tobacco Company after returning to Sri Lanka….

Leave a comment

Filed under Uncategorized

Leave a Reply