Good Governance in Sri Lanka? Wherefrom Minihaa!!

Stanley Samarasinghe aka “Sam”

ONE =  MEMO Sent to The Editor, Thuppahi

Unfortunately the present government has discredited the concept of Good Governance and many voters have become cynical. But Sri Lanka has no alternative but to think afresh and make an effort to convince at least 50%+1 of the voters that Good Governance must be given another chance. If not we will elect another set of corrupt politicians.  My argument is that this time the younger politicians must take the lead and not Civil Society leaders. For sure Rev. Maduluwave Sobitha played a decisive role in 2015. But civil society leaders have no power to deliver. Recall that before his death Rev. Sobitha himself expressed his frustration a few months after the new government was elected.

  

Sirisena and Wickremesinghe won in 2015 riding on the on the back of Rev. Sobitha and the 47 or so civil society groups that he mobilized. The public got the impression that Rev. Sobitha and his backers were responsible for delivering “Good governance.“ Of course they never have had any power to do the job. Power rested with president Sirisena and prime minister Wickremesinghe. Both found it convenient to encourage the public that Good Governance was the responsibility of Rev. Sobitha and his supporters. They (President and PM) not only failed to keep their promises but also severely compromised themselves by indulging in corrupt practices themselves and by allowing their supports to do the same.  This is not the first time that this happened.  JR, Sirima B, CBK, R. Premadasa and even Rajapksa came to power promising good governance. But none really delivered. Some were not interested but in some cases they did not have a viable strategy. The result is a 60+ year vicious circle of broken prmcies of good governance. The basic challenge for Sri Lanka in 2020 is to break this vicious circle.  

The country can’t manufacture new politicians. Voters have to choose from those who are available. Nobody is perfect. But there are a significant number of younger politicians/parliamentarians in ALL parties who are well educated, and do not have much baggage. If they can unite there is hope. Countries such as France, Canada and New Zealand have shown that younger politicians can convince the electorate to give them a chance. For sure these are “mature” democracies. But so is Sri Lanka’s. We have been electing governments for the last 88 years (three generations). If today’s younger politicians have the courage to challenge the old guard the vicious circle can be broken. But I am not sure if politicians such as Sajith Premadasa, Anura Dissanayaka, Champika Ranawaka, Sumanthiran, Hasheem, Harsha de Silva, Thigambaran and many others have the political courage to take the required risk, challenge the status qua, make some compromise in their own ideological preferences for the sake of the country and move forward.

The most difficult issue facing them is to agree on some major structural changes the way the country is governed. My hunch is that if they do come up with a viable strategy, the voters will respond positively.

*** **

TWO = Professor “Sam” Samarasinghe in Q and A with Editor, Silumina, 21 October 2018

“2020 දීත් පොදු අපේක්ෂකයෙක් ආවොත් වාසිය වැඩියි

හාචාර්ය එස්.ඩබ්ලිව්. ද ඒ. සමරසිංහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යා මූලික උපාධිය හිමි කරගත්තෙකි. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලැබූ හෙතෙම හාවඩ් සරසවියේ අධිශිෂ්‍යත්ව ලාභියකුද වන අතර, ලෝක බැංකුවේ හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ විවිධ ආයතනවල ආර්ථික උපදේශකවරයෙක්ද වේ. දැනට ඇමෙරිකාවේ ටුලේන් විශ්වවිද්‍යාලයේ සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වශයෙන් කටයුතු කරන ඒ මහතා 2020 ජනාධිපතිවරණයට මුහුණ දීමේදී යහපාලන රජයට තිබෙන අභියෝග හා වත්මන් දේශපාලන පරිසරය පිළිබඳව ‘සිළුමිණ‍’ සමඟ සංවාදයට එකතු වූයේ මේ අයුරිනි.

2015 ජනවාරි 8 වැනිදා මෙරට සිදු වූ දේශපාලනික වෙනසෙහි වර්තමාන අභියෝගය ලෙස ඔබ දකින්නේ කුමක්ද?

ප්‍රධාන වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ කියන දේශපාලන නායකයින් දෙදෙනා මේ මොහොතේ මුහුණ දී සිටින ප්‍රධාන අභියෝගය වන්නේ ඔවුන් බලයට පැමිණීමට ජනතාවට ලබාදුන් පොරොන්දු සමුදායයි. ගත වූ වසර තුනක කාලපයේදී මේ පොරොන්දු ප්‍රකාරව කටයුතු කිරීම පහසු කාර්යයක් වුණේ නැහැ. මේ නිසා ප්‍රධාන වශයෙන් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ දේශපාලන කණ්ඩායමට එල්ල වූ බරපතළ චෝදනාවලින් ජන මනසේ ඇති කර තිබූ චිත්‍රය කිසියම් ලෙසකින් පළුදු වී තිබෙනවා. මේ හේතුවෙන් නැවත තමන් මේ රටට සුදුසු ම නායකයා ලෙස ජනතාව අබිමුව පෙනී සිටීමට ඔහු උත්සාහ ගනිමින් තිබෙනවා. අද යහපාලන අණ්ඩුවට ඇති අභියෝගය මේ යථාර්ථයට මුහුණ දී ජය ගැනීමයි.

වත්මන් රජයට තම පැවැත්ම ශක්තිමත් කරගෙන 2020 කරා ඉදිරියට යන්න නම් කළ යුත්තේ කුමක්ද?

මේ සඳහා උපායමාර්ගික ක්‍රමෝපායන් කිහිපයක් තිබෙනවා. පළමුව: 2020දී වඩා විධිමත් පාලන තන්ත්‍රයක් ගොඩනැගීම සඳහා 2015න් උගත් පාඩම් උපයෝගි කරගැනීම. දෙවනුව: 2020 සඳහා වඩා විධිමත් වැඩසටහන් සහ උපායමාර්ග හඳුනාගැනීම. තුන්වනුව: ඒ උපායමාර්ග මනාව ක්‍රියාවට නැංවීම. සිව්වනුව: සිවිල් සංවිධාන හා සිවිල් සමාජයේ කාර්යභාර්ය සමාලෝචනය කිරීම. අවසාන වශයෙන්: සංක්‍රාන්ති විධිවිධාන ක්‍රියාවට නැංවීම. මේ ආකාරයට සැලසුම් සහගත වැඩ පිළිවෙලකට ආණ්ඩුව යා යුතුයි.

ජනතා අභිලාශයන් යහපාලන ආණ්ඩුවෙන් කොතෙක් දුරට ඉෂ්ට වී තිබෙනවද?

2015 ජනවාරි 8 ඡන්ද 50%ක්ම හිමි වුණේ අල්ලසට හා දූෂණයට එරෙහිව. 40%ක් ඡන්දය දුන්නේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට. ඒත් අල්ලස් හා දූෂණ චෝදනාවලට ලක් වූවන් පිළිබඳ විමර්ශන කිරීමට මේ රජයත් සමත් නොවීම ඔවුන් තුළ අප්‍රසාදයක් දනවා තිබෙනවා. යම් යම් දේ ගැන සත්‍යය අනාවරණය වුවත්, ඊට දඬුවම් පැමිණවීමේ යන්ත්‍රණය පිළිබව ජනතාව ඉන්නේ කලකිරීමෙන්. පැවති මැතිවරණයේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින්ම තිබුණේ ජීවන වියදම, රැකියා, ප්‍රමාණවත් ආදායම් ඇති කරගැනීම හා ශක්තිමත් මූල්‍ය කළමනාකරණක් කියන කාරණා. ඒත් මේ වන විට ජනතාව ඉන්නේ අපේක්ෂා භංගත්වයකයි.

මීට ප්‍රධාන වශයෙන් බලපෑ හේතු‍ව ලෙස ඔබ දකින්නේ කුමක්ද?

අය-වැය හිඟය පියවාගැනීමට රැස් කරගත් මුදලට වඩා ආණ්ඩුවේ වියදම ඉහළ ගොස් තිබෙනවා. විදේශ ණයවලින් හා අපනයනවලින් කිසියම් ප්‍රමාණයක් ආවරණය කරගත්තත්, සාධාරණ බදු මුදලක් ධනවතුන්ගෙන් බදු ලෙස අය කරගන්න මේ ආණ්ඩුවත් අසමත් වී තිබෙනවා. රටට ආර්ථික ප්‍රතිලාභ හිමි කර නොදෙන (මත්තල ගුවන්තොට, හම්බන්තොට වරාය, නොරොච්චෝලේ බලාගාරය ආදි) ආයෝජන ව්‍යාපෘති නඩත්තු කරගෙන යෑමට විශාල ධනස්කන්ධයක් වැය කරමින් තිබෙනවා. රාජපක්ෂ ආණ්ඩුව පෞද්ගලික ලාභාපේක්ෂාවෙන් කොන්ත්‍රාත්කරුවන්ට විශාල ධනස්කන්ධයක් මුදාහැරියා. රජය සතුව පැවති (ශ්‍රී ලංකන් ගුවන් සමාගම වැනි) ව්‍යවසායක ආයතන අකාර්යක්ෂම කළා.මේ නිසා මේ ආණ්ඩු දෙකම අඩු-වැඩි වශයෙන් ආර්ථික කළමනාකරණයේදී අසමත් වී තිබෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම පැත්තෙන් කිසියම් සාධනීය ප්‍රවේශයකට යහපාලන රජය එළඹ තිබෙනවා. ඒ පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදය සමඟ බලන විට කිසියම් විධියක ප්‍රගතියක් අත්කරගෙන තිබෙන බව පේනවා. 18 වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් රාජපක්ෂ ආණ්ඩුව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කර, ඒකාධිපති පාලනයක් කරා යෑමට පියවර ගත්තා. මේ රජය සිදු කළ ව්‍යවස්ථා සංශෝධන කිහිපය මඟින් ඕනෑ අයකුට රිසි සේ පාලකයන් විවේචනය කළ හැකි තත්ත්වයක් ඇතිව තිබෙන බව පිළිගන්න ඕනෑ. සුදු වෑන් සංස්කෘතියක් අද නැහැ. ඒත් ප්‍රජාතන්ත්‍රවාදය ගැන සලකන විට මේ රජය මැතිවරණ කල් දැමීම පිළිබඳව අපට එකඟ වෙන්න බැහැ. ඒත් එක්කම අතුරුදන් වූ පුද්ගලයන් හා ජනවාර්ගික ගැටලුව පිළිබඳ සාධනීය මැදිහත් වීමක් ආණ්ඩුව පැත්තෙන් තවම සිදු වී නැහැ.

2020 ජනාධිපතිවරණය සඳහා යෝජනා වී තිබෙන අපේක්ෂකයන් පිළිබඳ ඔබේ දැක්ම මොන වගේද?

පසෙකින් සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ අනුග්‍රහය ඇතිව අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ කතාබහක් ඇසෙනවා. එවැනි අයකුට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකින් එකක සහයෝගය ලැබෙනවා නම් ජයග්‍රහණය කිරීමේ යම් බලාපොරොත්තුවක් තබාගත හැකියි. එසේ නැතිව ස්වාධීන අපේක්ෂකයකු ලෙස ජයග්‍රහණය කිරීම දුෂ්කර කාර්යයක්. බොහෝ විට මේ මැතිවරණයේදී අපේක්ෂකයන් තුන්දෙනකු තරග කිරීමට ඉඩ තිබෙනවා. ඒ ඒ දේශපාලන කණ්ඩායම් විසින් ඉදිරිපත් කරනු ලබන අපේක්ෂකයා හා ඊට සෙසු පක්ෂවලින් ලැබෙන සහයෝගය මත ජයග්‍රහණය බොහෝදුරට තීරණය වේවි. එහෙත් ‘සාම්ප්‍රදායිකව ප්‍රධාන පක්ෂ දෙකටම බලය හිමි කර දෙන්නේද?’ යන ගැටලුව අන් කවරදාකටත් වඩා ජනතාව තුළ ගොඩනැඟී තිබෙනවා. කෙසේ වෙතත් මේ රට වෙනත් දිසානතියකට හැරවිය හැකි ආර්ථික ප්‍රතිපත්තියක් හා උපායමාර්ග සහිත නව ව්‍යවස්ථාමය වැඩපිළිවෙළක් සමඟ 2020 මැතිවරණය තීරණාත්මක ප්‍රවේශයකට එළඹේවි.

මේ සඳහා ආණ්ඩුව හමුවේ තිබෙන ප්‍රධාන අභියෝග විදියට ඔබ දකින්නේ මොනවද?

දූෂණයට එරෙහිව සටන් කිරීම, ආර්ථික කළමනාකරණය, ආර්ථික වශයෙන් වඩා සාධාරණ සමාජයක් ඇති කිරීම, අනෙකුත් ජාතීන්ගේ දුක්ගැනවිලිවලට විසඳුම් ලබාදීම යන කරුණු එක්කම පොදුජන පෙරමුණට එරෙහි සියලු බලවේග ඒකරාශි කරගැනීම ප්‍රධාන අභියෝගය විදියට තිබෙනවා.ඒ වගේම නව පාලන ක්‍රමය සාර්ථකව ඉදිරියට ගෙන යාමට නම් ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරණ යන අංශ තුනේම බල තුලනයක් ඇති කිරීම අනෙක් ප්‍රධාන සාධකයයි. මේ තියෙන ආකාරයට විධායක බලවත්ව පැවතිය හොත් එය විසින් ‍අනෙක් අංශ පාලනය කිරීමට යෑමෙන් ගැටලු ඇති වෙනවා. මේ නිසා දුෂණයට භීෂණයට වගේම ඒකාධිපතීත්වයට පාර කැපෙනවා. එනිසා 2020දී මේ ක්‍රමය අහෝසි කරන බවට ජනතාවට සහතිකයක් ලබාදිය යුතුයි. අනෙක් වැදගත් කාරණාව වන්නේ මේ දේවල් යථාර්ථයක් කළ හැකි ජනතාවට පිළිගන්නා ඔවුන් ගෞරව කරන උගත් බුද්ධිමත් සමාජ ක්‍රියාකාරිකයන් පාලනයට එකතු කරගැනීමයි. ඒ සඳහා තරුණ නායකයින්ට හා සිවිල් සමාජ ක්‍රියාකාරකයින්ට වැඩි ඉඩක් ලබාදීම යහපත්. ඒ වගේම මේ 2020 නව වැඩපිළිවෙළ අධීක්ෂණය සඳහා රජයෙන් බාහිර සිවිල් සමාජ යන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතුයි. මේ ආකාරයට ක්‍රියා කිරීමෙන් යහපාලන ආණ්ඩුව කෙරෙහි කිසියම් විශ්වාසයක් ජනතාව මත ගොඩනැගීමට හැකි වේවි.

ඔබ කියන පරිදි තුලනාත්මක යහ පාලනයක් පවත්වාගැනීමට කවරාකාරයෙන් පාලන තන්ත්‍රය වෙනස් කළ යුතුද?

පවතින ගෝලිය අර්ථික ක්‍රමය හමුවේ තරගකාරීව ඊට මුහුණදීමේදී දුෂණයෙන් තොර ශක්තිමත් විධායකයක් අවශ්‍යයි. ඒ නිසා පළමු කොන්දේසිය වන්නේ ශක්තිමත් විධායක ජනාධිපතිවරයකු පවත්වාගෙන යන අතරම ඔහු නීතියේ ආධිපත්‍යයට යටත් කිරීමයි. දෙවනුව ජනාධිපති සිය තනතුරෙන් ඉල්ලා අස්වන්නේ නම් හෝ වෙනත් හේතුවක් මත ධුරයෙන් විශ්‍රාම ගැන්වීමට සිදු වුව හොත් හෝ කාලය අවසන් වීමට ප්‍රථම එම ධුරයේ පුරප්පාඩුවක් ඇති වුව හොත් හෝ ඒ සඳහා උපජනාධිපතිවරයකු හෝ අගමැතිවරයකු පත් කළ යුතුයි. ඔහු තෝරන්නේ මහජන ඡන්දයකින්ද? එසේත් නැති නම් පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන්ද යන කාරණාව නව ව්‍යවස්ථාව කෙටුම්පත් කරන අවස්ථාවේදී සලකා බලන්න පුළුවන්. ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලය සඳහා 25 දෙනකුට නොවැඩි සංඛාවක් ඇමැතිවරුන් සහ නියෝජ්‍ය ඇමැතිවරුන් පිරිසක් පාර්ලිමේන්තුවට පිටතින් නම් කළ යුතුයි. මේ සඳහා දක්ෂතා ඇති ඒ ඒ ක්ෂේත්‍රවලට සමත්කම් දක්වන රජයේ හා පෞද්ගලික සේවාවල නියුතු පුද්ගලයන් තෝරාපත් කළ හැකිය. එමඟින් පක්ෂ දේශපාලනයෙන් තොරව රජයේ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවිය හැකි පිරසක් පත් කරගැනීමට ජනාධිපතිවරයාට ඉඩ ලැබෙන අතර, ශක්තිමත් හා බලසම්පන්න පාර්ලිමේන්තුවක් නිර්මණය කිරීමට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම ජනාධිපතිට අදූරදර්ශී, පැවරූ වැඩ කොටස ක්‍රියාත්මක නොකරන ඇමැතිවරුන් ඉවත් කිරීමටද බලය තිබේ. සියලු ඇමතිවරුන් මන්ත්‍රීවරුන් අධීක්ෂණය කිරීම, විමර්ශනය කිරීම සහ ජනතාවට ඒ සම්බන්ධයෙන් වගකීම අමාත්‍යංශ විෂයභාර පාර්ලිමේන්තු කමිටු සහ අනුකමිටුවලට පැවරීම කරන්න ඕන. ඒ වගේම ස්වාධීන අධිකරණ අමාත්‍යංශයක් පිහිටුවන්න ඕන. මීට අමතරව මැතිවරණ ප්‍රචාරන කටයුතු සඳහා අරමුදල් සම්පාදනය කර ගැනීමේදී පෞද්ගලික අරමුදල් සීමා කෙරෙන අතර, විදේශ අරමුදල් තහනම් කළ යුතුය. යම් යම් අවම කොන්දේසි සපුරන පිළිගත් සියලු පක්ෂවලට සහ අපේක්ෂකයන්ට ඡන්ද ව්‍යාපාරය සඳහා පිළිගත් නිර්ණායකයක් යටතේ මුදල් පහසුකම් සැලසීම කළ යුතුය. මෙහි මූලික අරමුණ වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමයි. එසේම ඥාති සංග්‍රහ තහනම් කළ යුතුයි. දූෂණ අක්‍රමිකතා අවම කරගැනීමට මේ ක්‍රමය හුඟක් දුරට ඉවහල් වෙනවා. ඒ වගේම බලය බෙදාහැරීම පුළුල් කරන්න ඕනෑ. මහින්ද මහත්තයා 13ට එහා ගිය දෙයක් දෙන්න පොරොන්දු වුණානේ. එහෙත් අපි ඔවුන්ගේ අවශ්‍යතා තේරුම්ගෙන ඔවුන්ට නිදහසේ කටයුතු කළ හැකි උපරිමය ලබාදෙන්න ඕන. ඒකෙන් අපිට ඔවුනුත් මේ රටේ පුරවැසියන් බව පිළිගැනීමට ලක් කළ හැකියි. එවිට එකම ජාතියක් ලෙස ශක්තිමත්ව ලෝකය ඉදිරියේ කටයුතු කරන්න අපිට පුළුවන්.

යහපාලන ආණ්ඩුව සිය ජයග්‍රහණය සඳහා 2020දී ක්‍රියාවට නැංවිය යුතු නව උපායමාර්ග විදියට ඔබ අදහස් කරන්නේ මොනවද?

මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙහෙයවන පොදුජන පෙරමුණ මේ වනතෙක් රට ගොඩනැංවීම සඳහා නව ප්‍රත්පත්තියක් හෝ වැඩපිළිවෙළක් පිළිබඳ කිසිවක් සඳහන් කර නැහැ. ඔවුන්ගේ ඒකායන අරමුණ වී ඇත්තේ කෙසේ හෝ රාජපක්ෂ කෙනෙකු බලයට පත් කිරීම පමණයි. මේ පිළිබඳව ජනතාව අවධියෙන් සිටිය යුතුයි. මොකද: ජනතා අපේක්ෂාව රජපක්ෂ කෙනකු බලයට ගෙන ඒම නොව රට මේ වැටී තිබෙන තත්ත්වයෙන් ගොඩඑනු දැකීමයි. එනිසා නැවත රාජපක්ෂලා බලයට ඒමට අකමැති ප්‍රජාතන්ත්‍රවාදය අගේ කරන සියළු පක්ෂ අනෙකුත් පසමිතුරුතා බිඳදමා නැවතත් 2015දී කටයුතු කළා මෙන් පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට කටයුතු කිරීම වඩා සාධනීය පියවරක්. ප්‍රයෝගිකව බලන විට 2020 මේ සඳහා දේශපාලන නායකත්වය සැපයීම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන කාර්යය බවට පත්ව තිබෙනවා. මෙහිදී අනෙකුත් කුඩා පක්ෂ වගේම ජනතා විමුක්ති පෙරමුණේ සහාය තමන් වෙත ලබාගැනීම ඉතා ප්‍රයෝජනවත් බව සැලකිය යුතුයි.

ඔබ වක්‍රව කියන්නේ මෙවර නායකත්වය සඳහා සිවිල් සංවිධාන විසින් නොව දේශපාලනඥයන් විසින් මූලිකත්වය ගෙන කටයුතු කළ බවද?

ඔව්, අපි දැක්කා 2015දී මේ රජය බලයට පැමිණි මොහොතේ එම න්‍යායපත්‍රයේ හිමිකරුවන් සිවිල් සංවිධාන නියෝජිතයන් බව ජනතාව විශ්වාස කරන ආකාරය. මෙවර එසේ නොවිය යුතුයි. එය ඍජුවම දේශපාලන නියෝජිතයන්ගේ කටයුත්තක් බවට පත් විය යුතුයි.

හොඳයි. එය කවරාකාරයට කළ යුතුයි කියලද ඔබ හිතන්නේ?

එජාපය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කැබිනට් අමාත්‍යවරු දෙළොස් දෙනෙක් 2020 වන විට වයස අවුරුදු 70ව ඉක්මවනවා. එනිසා තරුණ පෙළ මන්ත්‍රී කණ්ඩායමක් 2030 පමණ වන විට නායකත්වය ගැනීමට සුදුසු තත්ත්වයකට සූදානම් කර තැබීම අවශ්‍යයි. ඒ වගේම විරුද්ධ පක්ෂයේ හා සුළු ජාතික පක්ෂවලත් තරුණ නායකයන් ඒ ආකාරයෙන් ඉදිරියට පැමිණීම අවශ්‍ය කාරණයක්. මොකද: වයෝවෘද්ධ දේශපාලනඥයන් විශ්‍රාම යන විට එහි වගකීම් දැරීමට තරුණ නායකයන් ඉදිරියට ඒම රටකට ප්‍රතිඵල දායකයි. එනිසා 2020 එවැනි තරුණ දේශපාලන නායකයන්ට අනගි අවස්ථාවක් උදා වී තිබෙනවා. විශේෂයෙන්ම එජාපයේ සජිත් ප්‍රේමදාස, නවීන් දිසානායක වැනි අවුරුදු 60ට අඩු මන්ත්‍රීවරුන් පනහක්වත් අඩුතරමේ සිටිනවා. එජනිසයේ දුමින්ද දිසානායක… , ජවිපෙ අනුර කුමාර දිසානායක… , ජාතික හෙළ උරුමයේ පාඨලී චම්පික රණවක, ටීඑන්ඒ පක්ෂයේ එන් සුමන්තිරන්… ආදි තරුණ නායකයන් එකට එකතු වී එක පෙරමුණක් විදියට 2020ට නායකත්වය දුන්නොත්, එය රටේ අලුත් ආරම්භයක් සටහන් කරාවි.

2015 ඇති කළ යහ පාලනය නැවත ජනප්‍රිය කරවීමට අපහසු ජනතාව ආකර්ෂණය නොකරන ක්‍රමයක් යැයි ඔබ විශ්වාස කරනවද?

යහපාලනයේ අමිහිරි අත්දැකීම් නිසා ජනතාව අපේක්ෂාභංගත්වයට පත්ව සිටිනවා. එනිසා ජනතා සම්මුතියක් සහිත පුළුල් පෙරමුණක් ගොඩනැඟීම මෙහිදී වැදගත්. ඒ සඳහා ආගමික නායකයන් පෙරටු කොටගත් ජනතා සම්මුතියක් සකස් කර, එය දළදා මාළිගාව ඉදිරිපිට අත්සන් තබා ශපථ කර ජනතාව වෙත පිළිගැන්වීම වැදගත් කාර්යයක් වේවි. එවිට ජනතාව ඒ පිළිබඳව කිසියම් විධියකට සලකා බලාවි.

හොඳයි. මේ හැමදේම කළා කියමුකෝ. පොදු අපේක්ෂකයා කවරකු විය යුතුයි කියලද ඔබ අනුමාන කරන්නේ?

එය පිළිතුරු දෙන්න අසීරු පැනයක්. මේ මොහොතේ කල්පනා කළ යුත්තේ රාජපක්ෂ පෙරමුණ සමඟ සටන් කළ හැකි පොදු අපේක්ෂකයකු තෝරාගැනීමයි. ඒ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට වගේම අගමැති රනිල් වික්‍රමසිංහටත් සුදුසුකම් නැතුවා නොවෙයි. එහෙත් මේ පක්ෂ දෙකේම සහය ඇතිව ජනතාව ආකර්ෂණය කරන පොදු අපේක්ෂකයකු ඉදිරිපත් වුව හොත් ශ්‍රීලනිප ඡන්ද 10%යි, එජාප ඡන්ද 25%යි, දෙමළ සහ මුස්ලිම් ඡන්ද 18%යි ලබාගෙන 53%කින් හෝ ඊට වැඩි ප්‍රතිශතයකින් ජයග්‍රහණය කළ හැකියි.

එසේ ජයග්‍රහණය කළ පසු පොදුජන සම්මුතිය ප්‍රකාරව කඩිනමින් ක්‍රියා කළ යුතුයි. එසේ කිරීමට නව ජනාධිපතිවරයා අපොහොසත් වන්නේ නම් දෝෂාභියෝගයකින් ඔහු පරාජය කර තරුණ නායකත්වයක් ඉදිරියට පැමිණීම ඔවුන්ගේ අයිතියක් සේම වගකීමක්ද වෙනවා. කෙසේ වෙතත් පොදු අපෙක්ෂකයා කවුරුන්ද යන්න තෝරාගැනීම අවසාන වශයෙන් දේශපාලන පක්ෂවල වගකීමක්.

මෙහිදී සිවිල් සංවිධානවල කාර්යය කුමක් විය යුතුද?

සිවිල් සංවිධාන පොදු අපේක්ෂකයාට අපක්ෂපාතීව සහාය දැක්වීම පමණක් සෑහෙනවා. නැති නම් පෙරසේම සියලු අපවාද ඔවුන් පිට පැවරේවි. ඒ සඳහා ඔවුන් ශක්තිමත් සංවිධානයක් ලෙස බලපෑම් කණ්ඩායමක් ලෙස විධිමත්ව කටයුතු කිරීමයි වඩා වැදගත් වන්නේ.

සංක්‍රාන්ති විධිවිධාන ක්‍රියාවට නැංවීම ලෙස ඔබ අදහස් කරන්නේ කුමක්ද?

2020 සඳහා පොදු අපේක්ෂකයා ඉදිරිපත් වන විට ජනාධිපතිවරණය සඳහා අරමුදල් සම්පාදනය සහ භාවිතය පිළිබඳව විනිවිදභාවයෙන් කටයුතු කිරීමට අවශ්‍යයි. නව කැබිනට්ටු මණ්ඩලය පත් වන තුරු භාරකාර කැබිනට් මණ්ඩලය රැඳී සිටිය යුතුයි. ඒ වගේම ජනතාව වෙත ඉදිරිපත් කරන ව්‍යවස්ථාමය සංශෝධන වැඩපිළිවෙළ සඳහා ජනාධිපතිවරයාට ජනවරමක් ලැබී තිබෙන නිසා ඊට අනුකූලව වර්තමාන ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතුයි.

ඉන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හැර, වර්තමාන ව්‍යවස්ථාවේ විධිවිධානයන්ට අනුකූලව නව මැතිවරණය පැවැත්විය යුතු වෙනවා.

ඒ වගේම ජනතාව විසින් දෙන ලද ජනවරමට අනුව යහපාලන මූලධර්මවලට අනුකූලව සකස් කළ නව ව්‍යවස්ථාව අනුමත කිරීම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ කාර්යභාර්ය බවට පත් වනවා. මෙන්න මේ කරණු සංක්‍රාන්ති විධිවිධාන ලෙස හඳුන්වාදිය හැකියි.

    ***  ***

BIO-DATA on Samarasinghre=http://worldcat.org/identities/lccn-n88068110/

 

1 Comment

Filed under accountability, economic processes, education, governance, historical interpretation, Indian Ocean politics, island economy, language policies, Left politics, legal issues, life stories, politIcal discourse, power politics, Presidential elections, self-reflexivity, social justice, Sri Lankan cricket, welfare & philanthophy, working class conditions, world events & processes

One response to “Good Governance in Sri Lanka? Wherefrom Minihaa!!

  1. Pingback: Sri Lanka’s Withering History. Without a Hattotuwa or a Fukuyama! | Thuppahi's Blog

Leave a Reply