Rajiva on the Sajin Vass Thuggery and Internal Jealousies here, there and everywhere

Prof. Rajiva Wijesinha MP interview with News 1st on 3rd October 2014

https://www.youtube.com/watch?v=m1vmRS9fDr8.

rajiva

ALSO SEE http://en.wikipedia.org/wiki/Sajin_Vass_Gunawardena

.….. AND http://businesstoday.lk/cover_page.php?issue=238

sajin vass 22TAMARA K “Kunanayakam hits out at “hooliganism”http://www.dailymirror.lk/news/53366-kunanayakam-hits-out-at-hooliganism.html

news istnews istTHE BEST SPOT FOR THE RAJIVA INTERVIEW in SINHALA is http://rajivawijesinha.wordpress.com/2014/10/09/%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B6%9A%E0%B7%8F-%E0%B6%9C%E0%B7%9A-%E0%B7%80%E0%B7%90%E0%B6%A9-%E0%B6%AD%E0%B7%84%E0%B6%B1/#more-7213

6 ඔක්තෝබර් 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 14:28 GMT

බ්‍රිතාන්‍යයේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස්ට පහරදීමේ චෝදනාව සම්බන්ධ පරීක්ෂණය පැවැත්වීමට ප්‍රථම සජින් ද වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ වැඩ තහනම් කළ යුතුව තිබුණු බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙක් පවසයි.

විදේශ අමාත්‍යංශයේ ලේකම් ක්ෂෙනුකා සෙනවිරත්නගේ නමද සිදුවීමට සම්බන්ධ වී තිබෙන බැවින් පරීක්ෂණය අවසාන වන තුරු විදේශ ලේකම්වරියගේද වැඩ තහනම් කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ගතයුතුව තිබුණු ඥානාන්විත පියවර බවද පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රජීව විජේසිංහ බීබීසී සංදේශයට පැවසීය.

පසුගිය සැප්තැම්බර් 24 වැනි දින නිවුයෝක් නුවර පැවති සාදයකදී විදේශ අමාත්‍යංශයේ ලේකම් සජින් ද වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයා තමන්ට පහරදුන් බව හිටපු මහකොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් සංදේශයට පැවසීය.

ඒ පිළිබඳව තමන් එදිනම ජනාධිපති මහින්ද රාජපක්ෂට දැනුම් දුන් බවද දොස්තර නෝනිස් සඳහන් කරයි.

‘පහර දුන්නේ නෑ’
කෙසේ නමුත් තමන් දෙදෙනා අතර බහින්බස් වීමක් ඇති වූ නමුත් තමා දොස්තර නෝනිස්ට පහර නොදුන් බවයි, සජින් ද වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයා නිවුස්ෆස්ට් නාලිකාවට පවසා තිබුණේ.

සමස්ත සිදුවීම ශ්‍රී ලංකාවට බරපතල කැළලක් බව පවසන මහාචාර්ය රජීව විජේසිංහ, ඇමතිවරයා හෝ නියෝජ්‍ය ඇමතිවරයා වෙනුවට අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයාට තීරණ ගැනීමේ සම්පූර්ණ බලතල හිමිවීම හමුවේ අමාත්‍යංශයේ විනය සහ සියලු කටයුතු අඩපණ වී තිබෙන බවත් සඳහන් කරයි.

රාජ්‍යතාන්ත්‍රික සේවයේ නියුතු උගත්, බුද්ධිමත් තානාපතිවරුන් ඉවත්කොට ජාත්‍යන්තර තලයේ ජනාධිපතිවරයා කොන් කිරීමේ සංවිධානාත්මක ක්‍රියාවලියක් පිළිබඳව මීට වසරදෙකකට ඉහතදී තමන් ලියූ ලිපියක අඩංගු වූ කරුණු දැන් සනාථ වී තිබෙන බවත් මහාචාර්යවරයා පවසයි.

විශේෂයෙන්ම විදේශ ලේකම් ක්ෂෙනුකා සෙනවිරත්න ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික සම්බන්ධතා කඩාකප්පල් කිරීමට උත්සාහ දරා තිබෙන බවට මීට පෙර තමන් කරුණු සහිතව පෙන්වා දී තිබෙන බවද ඔහු සඳහන් කළේය.

‘කේලම් කිවුවා’
ඉන්දියාවේ විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරියකව සිටියදී ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ ඇය මුණනොගැසෙන මෙන් විදේශ ලේකම්වරිය ජනාධිපතිවරයාට බලපෑම් කිරීම ඒ පිලිබඳ ආසන්තම උදාහරණයක් බවද මහාචාර්ය විජේසිංහ සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේය.

“කේලම් කිවුව ජනාධිපතිතුමාට. ජනාධිපතිතුමා එයාව බලන්නේ නැතුව ඉන්න හැදුවා,”යනුවෙන්ද ඔහු පැවසීය.

මේ තත්වය යටතේ දොස්තර නෝනිස්ට පහරදීම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට දඬුවම් නොදෙන්නේ නම් එය ශ්‍රී ලංකාවේ අනෙක් අභ්‍යන්තර පරීක්ෂණ පිළිබඳ ජාත්‍යන්තර විශ්වාසය බිද වැටීමටද හේතුවිය හැකි බව මන්ත්‍රීවරයාගේ අදහසයි.

ඔහු නගන චෝදනා පිළිබඳව විමසීම පිණිස සජින් ද වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයා සහ විදේශ ලේකම් ක්ෂෙනුකා සෙනවිරත්න ඇමතීමට බීබීසී සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.
ක්‍රිස් නෝනිස්ට එරෙහිවත් ‘පරීක්ෂණයක්’
‘පැමිණිල්ලක් ඇත්නම් විභාග කරන්න’- චම්පික
නෝනිස් අස්වෙලා …. නෑ අස්වෙලා නැහැ -කෙහෙළිය
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ‘ඉල්ලා අස්වෙයි’

 

Leave a comment

Filed under accountability, Rajapaksa regime, slanted reportage, sri lankan society, unusual people, vengeance, wild life

Leave a Reply

%d bloggers like this: