Michael Roberts
I happen to be a mostly silent ‘member’ of two or three internet clusters which indulge in avid debates on Sri Lankan and world affairs. Most seem to be migrants abroad. Vigorous debates on opposite sides of the governing order in Sri Lanka occur. The weightage is heavily Sinhala and often extremist. As such it can be a useful source for my purposes, though the volume of exchanges is such that I can rarely read all the comments. The chains also enable me to circulate articles, whether by myself or others, that have been presented in Thuppahi.
Let me now present an interesting engagement in point form
A. Recently one “Chand Wije,” with email address cwije7@gmail.com – apparently a Wijewickrema and a Peradeniya graduate from the 1960s (?) – circulated an item in Sinhala entitled “The Historian Michael Roberts faces Anagarika Dharmapala.”
B. A day or so later, on 9th August 2016, he sent me this challenging note:
Michael,
Since you can read and write in Sinhala, pl try to reply to my arguments. May be Lankaweb will print it or I will print it in my blog
http://harimaga.blogspot.com/
Thanks. Wije
C. Quite combative and even aggressive don’t you think! In fact, a declaration of war.
D. Today, the 11th of August I sent him this response.
Dear Chandiya, You seem to be spoiling for a fight. It is basic principle in the strategy of war that one chooses the terrain and site on which to engage in pitched battles. While I am reasonably competent in Sinhala, my capacities in English are much better, I can be more precise in my English composition. Precision is vital in bombing and artillery strike and in fact in all military operations.
Moreover, your composition is all over the shop – to the point of being incoherent. If it was an essay presented by some undergrad I would give it a “Fail.” So, why should I waste my time warring against an idiotic enterprise? I am not going to take up your challenge…… Michael, the Kaaberi Thuppahi Laankikayaa
E. As it happens, Gerald Peiris in Kandy reacted spontaneously to Chand Wije’s article in this manner: “I read the unabridged version and wondered: Who is the author of this silly piece? Why is it getting such undue publicity? … Regards, Gerry” …… and when I sent him the note seeking a boxing match he added: “Michael, the only thing I add is that his note is typical of the bickering blogged in abundance that serves no purpose whatever. To be more specific, I think, is to fall into the trap of further bickering. ……….Best regards, Gerry”
Gerald Peiris is a friend who happens to be a retired Professor of Geography from Peradeniya University. I have not used his title nor mine because essays must be evaluated on content and cogency not prior credentials. However, it is not totally irrelevant to note that Peiris has recently delivered a Keynote Address entitled ‘For a Sustainable Tradition of Research in the Peradeniya Faculty of Arts” before an august gathering at Peradeniya University; and that he is also the author of an incisive article on ‘traditional homelands.”
F. As Gerald Peiris’ note indicates, Chand Wije’s actions stir conflict. He is a Sinhala chauvinist extremist whose public expressions provide fodder for Tamil chauvinist extremists. This has been Sri Lanka’s sorry tale for decades, with diasporic Sri Lankans adding fresh fuel to this process over the last 30 years.
G. I leave it to readers who have patience to wade through Chand Wije’s ‘magnum opus’ and decide whether I was wise or in error in refusing to stand toe-to-toe in the boxing ring with him.
H. His epistle runs thus
ඉතිහාසඥ මයිකල් රොබට්ස්ට අනාගාරික ධර්‍මපාලතුමා මුණගැසීම
ඩිලාන් පෙරේරා, රාජිත සේනාරත්න වැනි පෙඩරල් දේශපාලන හොරුන්ද, ජෙහාන් පෙරේරා, ගාමිනී වියන්ගොඩ, ධර්මසිරි බණ්ඩාරනායක වැනි එන්ජිිෝ කාක්කන්ද සමඟ සසඳන විට, දැනට ඕස්ට්රේලියාවේ ජීවත්වන, තුප්පහියා නම් වෙබ් අඩවිය අයිති, ගාල්ලේ සැන්ට් ඇලෝසියස් විදුහලේ ඉගෙනගත්, මයිකල් රොබට්ස් ඔවුන්ට වෙනස් වැදගත් පුද්ගලයෙකි. ක්රිස්තියානි පසුබිමක් ඇති ඔහු දක්‍ෂ පුද්ගලයෙකි. ලංකාවේ නිදහස් අධ්යාපනයෙන් උපරිම ප්රතිපල ලබාගත් බර්ගර් ජාතිකයෙකි. ඔහු, දැන් දැන් පිග්නේශ්වරන් කියාද හැඳින්වෙන, විග්නේශ්වරන්ට වඩා වෙනස් අයෙකි. තම පුතාලා දෙන්නාටම සිංහල ගෑණුන්ද කසාඳබන්දවා ගත් (ලව් ඊස් බ්ලයින්ඩ්?) විග්නේශ්වරන් දැන් ප්රභාකරන්ගේ අවතාරය වී සිටී. ඩේලි මිරර් පත්තරයට (2016 ජූලි 28 දින) විග්නේශ්වරන් කියා සිටියේ ලංකාවේ දෙමළ ජන සංහාරයක් සිදුවෙනවා යයි ඔහු පලාත් සභාව හරහා ගෙනා යෝජනාව සම්පූර්‍ණ සත්‍ය කතාවක් බවය!
කොල, නිල් හා රතු යන ලංකාවේ දේශපාලක හොරු රැළ රටේ සිංහල බෞද්ධ ජාතියට, හරියට සමහර පිරිමි හිත හොඳ ගෑණුන්ට සළකන ආකාරයට වගේ සලකමින් සිටියදී, ඒ බව අමතකකර හෝ යටි මුඩි ගසා, සිංහල බෞද්ධ අන්තවාදයක් ගැන ලියන පිරිසක් සිටී. මයිකල්ද මේ පිරිස අතරින් කෙනෙකි. මෙය නැතිකිරිමට කලයුතු එක දෙයක් වශයෙන් ජාතික ගීය දෙමළෙන් ගායනා කලයුතුයයි සටනක් ඔහු ගෙන ගියේය. එහෙත් මිසිස් චන්ද්රිකා හෝ රෝසි සේනානායක හෝ මෙන් ලංකාවේ සිංහල බෞද්ධ පදනම සුනු විසුනු කරන්නට මයිකල් යෝජනා කලේ නැත යන්න මගේ වැටහීමය.
ඒ වෙනුවට මීට පෙර දයාන් ජයතිලකගේ සිදුවුනා වාගේ වෙනසක් දැන් මයිකල්ගේ සිදුවී ඇත. මේ වෙනස නම් සිංහල අන්තවාදය වගේම දෙමළ අන්තවාදයක්ද ලංකාවේ තිබේයයි ඔහු විසින් පිළිගැනීමය. කැනඩාවේ වසන ඩීබිිෙස් ජෙයරාජ් මේ අන්තවාදීන් දෙකොටස ලෙස දැක්වූයේ සිංහල බෞද්ධ අන්තවාදීන් හා ප්‍රභාකරන්වාදීන් ය. මයිකල්ගේ වෙනස නම් උගත් දෙමළ අය අතරද මෙවැනි දෙමළ අන්තවාදීන් සිටිනා බවට ඉඟියක් කිරීමය. මෙය ඔහු දක්වන්නේ ටැමිල්නස් යනුවෙනි.
ඇමෙරිකන් තානාපතිව සිටි රොබට් බ්ලේක් හෝ ලංකාවේ කොළඹ කළු සුද්දන් කියන අන්දමට මධ්යස්ථ දෙමළ අය කියා කොටසක් ලංකාවේ නැතිබව විග්නේශ්වරන්ගෙන් ඔප්පුවිය. මෙම කාරණය මයිකල්ට වැටහී තිබෙන්නේ 1957 රාමනාදන් හෝල් එකේ සිටින කාලයේ සිට ඔහු දැන සිටි, දැන් ලන්ඩන්වල ජීවත්වන රොබට් පෙරිම්පනායගම් නමැති උගතා, 2009 ප්රභාකරන්ගේ පරාජයෙන් පසුව දැන් හැසිරෙන ආකාරය නිසාය. ලෝකයේ සෑම දෙමළ ජාතිකයෙක්ම වාගේ (ලක්ෂ්මන් කදිරගමාර් හා ජෙයරාජ් ෆර්නැන්ඩුපුල්ලේ හැරුණුවිට?) ඒ කාලයේ ප්රභාකරන් ලබාගත් යුධ ජයග්රහන ගැන රහසින්වත් සතුටුවූවා නොවේදැයි මයිකල්ට දැන් සිතේ (කලම්බු ටෙලිග්රාෆ් අගෝස්තු 3, 2016).
ඊට පෙර මේ දෙමළ අන්තවාදය ගැන මයිකල්ගේ දෑස පාදා ඇත්තේ ලන්ඩන් වල වසන ජේන් රසල් ය. වෙල්ලාල නොවන රාජන් හූල් විසින් ලියු දෙමළ දුක පිළිඹද ඉතිහාස පොතේද සිංහල වැරදි ගැනම මිස, දෙමළ අන්තවාදය ගැන ලියා නැති එක ගැන මයිකල් (කලම්බු ටෙලිග්‍රාෆ්– අප්‍රියෙල් 28, 2016) පෙන්වා දෙන්නේ (ඩොනමෝර් කාලයේ ජාතිවාදී දේශපාලනය ගැන ආචාර්ය උපාධි නිබන්ධනයක් ලියූ) ජේන් රසල් විසින් දෙමළ අන්තවාදය ගැන ඔහුට ලන්ඩන් සිට ඊමේල් එකක් එවුවාට පසුවය. දෙමළ අන්තවාදීන් රට දෙකට කඩන්නට හදන්නේද, දෙමළ සුළු ජාතියත්, දෙමළ මැජෝරිටිසම් න්‍යාය අනුවම යන නිසායයි මයිකල්ට දැන් ඒත්තුගොස් ඇත.
මෙහිදී මයිකල් කරණ වරදක් නම් රට කැඩීමේ ව්යාපාරය දෙමළ ජනයාගේ උවමනාවක් නොව තමන්ටත් තැනක් ලබාගැනීම පිණිස නායකයින් යයි පෙනී ඉන්නා අතලොස්සකගේ වැඩක් යන්නය. පොන්නම්බලම්ට, චෙල්වනායගම්ටද, දෙමළ ඩී ඇස් සේනානායක, දෙමළ බණ්ඩාරනායක කෙනෙක්වීමට තිබූ ආශාවය. මෙය දෙමළ අභිලාෂයක් (ඇස්පිරේෂන්) නොවේ. සුද්දන්ගේ කාලයේ ලැබී තිබූ වරප්රාසාද නැතිවයාමේ දුක නිසා අහිංසක දෙමළ ජනයා විනාශ මුඛයට ඇදගෙනයාමය. ඕස්ට්රේලියාවේ සිටින දොස්තර නොයෙල් නඩේසන් මේ බව කලම්බු ටෙලිග්රාෆ් එකට ලියූ (අගෝස්තු 4, 2016) ලිපියකින් පෙන්වා දෙයි. ඔහුට අනුව පොන්නම්බලම් රාමනාදන් 1927 දී සර්‍ව ජන චන්ද බලය පහත් කුලවල දෙමළ ජනයාට යනවාට විරුද්ධවිය.
මෙම ලිපියෙන් මා පෙන්නාදීමට හදන්නේ සිංහල අන්තවාදයක් ගැන තාමත් මයිකල්ගේ හිතේ ඇති අදහස් වැරදි මත බවය. ඔහුගේ බර්‌ගර්–ක්‍රිස්තියානි පසුබිම නිසා හා ඔහුගේ අධ්යාපනය විසින් ඔහුව යුරෝපීය කළු සුද්දෙක් කර ඇති නිසා ඔහුට ධර්මපාල විෂන් (දර්ශනය) එකේ හරය තේරුම් ගැනීමට ඇති මානසික නොහැකියාවය. පෝප්ව දකිනවිට හෝ මඩු පල්ලිය දකිනවිට මගේ හිතේ කිසිම හැඟීමක් ඇති නොවනවා වගේ, තිසා වැව හෝ රුවන්වැලි මහසෑය දකිනවිට, ජාත්යාණුරාගය නිසා මගේ ඇඟේ මෙන්, මයිකල්ගේ ඇඟ කිළිපොලා හිරිගඩු පිපෙන්නේ නැත. මයිකල්ගේ සීගිරිය ගාල්ලේ ලන්දේසි බලකොටුව විය යුතුය. ඔහු ඔහුටම තුප්පහියා කියාගන්නේ මේ නිසාය. ලංකාවේ ඒ වචනය නිග්රහයක් වශයෙන් යොදන්නේ බර්ගර් ජනයාට නොව සංකර සිංහල කළු සුද්දන්ටය. ධර්මපාලතුමා පරසුද්දන් හා කළු සුද්දන් යන වචන දෙකම භාවිතා කලේය.
දෙමළ අන්තවාදයක් තිබෙන බව පිළිගත්තත් කලම්බු ටෙලිග්රාෆ් වෙබ් අඩවියට (2016 ජූලි 29) ලියමින් මයිකල් කියා සිටින්නේ සිංහල අන්තවාදයක් ලංකාව ගිලගන්නා බවය. රට දෙමළ හා මුස්ලිම් ආදී අන් අයටත් අයිතිය යන මතය–දර්‍ශනය වෙනුවට මුළු රටම සිංහලයාගේ රටය කියන මතය (අයිඩියලොජි) ක්රියා කෙරෙන බවය. බෙදාගෙන කනවා වෙනුවට මුළු කේක් ගෙඩියම තනියෙන් කන්න යනවා කියාය. යුරෝපීය–ඇමෙරිකන් චින්තන ක්රමයට අනුව මීට කියන්නේ මැජෝරිටිසම් යනුවෙනි. මේ නිසා මෙය නැති කිරීමට ජාතික ගීය, සිංහලෙන්, දෙමළෙන්, සිංහල පද–දෙමළ පද කලවම් කරමින් ආදී වශයෙන් පාසැල්වල, උත්සවවල යොදාගන්නට විධි ඔහු නිර්දේශ කරයි!
මයිකල්ට වගේ උපාධි නැතත්, ඉංග්රීසි කතා කලත්, ලංකාවේ ඒ ලෙවල්වත් පාස් කරගන්නට බැරිවූ මිසිස් චන්ද්රිකා, රෝසි සේනානායකලා කියන්නේත් මේ කතාවමය. මෙය කළු සුද්දන්ගේ කතාවය. සාම්පලයක් වශයෙන් ගත්විට, ජෙහාන් පෙරේරා, ධර්මසිරි බණ්ඩාරනායක, ජයදේව උයන්ගොඩ, නිර්මාල් දේවසිරි, ගාමිනී වියන්ගොඩ වැනි එන්ජිිෝ කාක්කන්, ජේවීපි කාරයින්, උපුල් සන්නස්ගල, රාජිත සේනාරත්න, ඩිලාන් පෙරේරා, ඩිව් ගුණසේකර, තිස්ස විතාරන වැනි අය මතුරන්නේද මේ කතාවමය. එන් එම්–කොල්වින්–ලෙස්ලිලාට 1935 සිට 1964 වනතුරුම මොළේ නොපෑදුනා වගේ දැන් 2016 දී වාසුදේවට නම් මොළේ පෑදී ඇත. සමාජවාදී ජනතා පෙරමුණේදී ඔහු කියා සිටියේ ඒකීය රාජ්යයක් තුල, පෙඩරල්වාදයකින් තොරව, මහජනයාට බලය විමධ්යගත කරන ක්රමයක් සඳහා ඒකාබද්ධ විපක්ෂය ක්රියාකරන බවය (නිව්ස් ෆ්ර්ස්ට් සිරස ටී වී, අගෝස්තු 4, 2016). මේ අනුව 13-ඒ එකට ඉඩක් නැත.
මයිකල් කියන අන්දමට සිංහලයින් සුළු ජාතීන් පාගා දමා තිබේද? විග්නේශ්වරන් ලංකාවේ දෙමළ ජන සංහාරයක් (ටැමිල් ජෙනොසයිඩ්) කියන්නේත් මේ අනුවම නොවේද? මේ සිංහල අන්තවාදී මතයේ මුල් බීජය /ආරම්භය මයිකල් නම් ඉතිහාසකාරයා විසින් සොයාගෙන ඇත. එය නම් 1912 දී ඉංග්රීසියෙන් ලියූ ලිපියක ධර්මපාලතුමා විසින් අපි සිංහලයින් (වී සිංහලීස්) යයි සඳහන් කර තිබීමය! මෙය හරියට සිංහල රටේ ඉතිහාසය හෝ භූගෝලය නොදත් තරුණ බණ්ඩාරනායක එංගලන්තයේ සිට පැමිණ ලංකාව පෙඩරල් කරන්නට කල යෝජනාව බදාගෙන දැන් ඉන්නා පෙඩරල් කාරයින් කෑගසනවා වගේය. එහෙමත් නැත්නම් කොලෝනියල් සෙකට්රිව සිටි හියු ක්ලේහෝන්ගේ 1799 මිනිට් එකේ වාක්යයක් අල්ලා ගෙන නැඟෙනහිර පලාතේ දෙමළ නිජබිමක් තිබෙනවා කීම වැනිය. තම මතය උදෙසා පිදුරු ගහක වුවත් එල්ලෙන්නට සූදානම් වීමය. සිංහල මැජෝරිටිසම් නම් මාරාන්තික සංකල්පයේ ආරම්භය ධර්මපාලතුමාගෙන් පිටට ලිස්සා පැන්න මේ වචන දෙක යයි මයිකල් කියයි.
1505 පෘතුගීසීන් ඒමේ සිට 1948 දක්වාම මේ රටේ සිංහල බෞද්ධයින්ට සමාජයීය හා භූමීය වශයෙන් මුහුන දීමට සිදුවූ ජන සංහාර, මර්ධන, ඝාතන, ව්යසන, අළුත් නීති පනවා කල අසාධාරණකම්, හිරිහැර, වෙනස්කම්, ඉවත් කිරීමක් 1948න් පසු සිදුවුනාද යන කාරණයට උත්තරයක් නොදී ධර්මපාල චරිතය නමැති මුවහමට දැන් 2016 දීත් බැටදීම මයිකල් වැනි කෙනෙකුට ගැලපේද? ජී සී මෙන්ඩිස්ලා, ඒ ජේ විල්සන්ලා ලියූ සුදුපාට නොහොත් කළුසුදු ලංකා ඉතිහාසය දෙස අප නැවත හැරී බැලිය යුතු නිවේද? ලංකාවෙන් පිට සිට හෝ මෙය ලිවීම අපගේ යුතුකමය කියා මම සිතමි.
ශ්රී පාද කන්ද නිසා නොවේ නම් ඒ වනාන්තරද කෝපි–තේ වගාවට එළිකර, මහවැලි, කලණි, කළු හා වලවේ ගංඟා සිඳීයන්නට ඉඩ තිබුණි. පිස්සු බල්ලන්වගේ කඳු කපා කැලෑ එළිකිරීමේ විපාක වැටහී පසු කලෙක ඒ ගැන නීතියක් පැනවුවත් ශ්රීපාදය නිසා නොවේ නම් නීතිය එනවිට විනාශය හමාරවී තිබෙන්නට ඉඩ තිබුණි. එංගන්තයේ සුද්දන්ට සල්ලි හොයාගන්නට මගක් ලෙස කල තේ වගාවේ රඟය කෙසේද කිව්වොත් ලංකාවේ මිනිස්සු බිව්වේ බ්රෝකන් ඔරේන්ජ් පෙකෝ නොව, තේ පැක්ටරියේ බිම අතුගා එකතුකල ටී ඩස්ට් බව දන්නා සිංහලයින් ඉන්නවාද?
1815 වේ රට අල්ලා ගැනීමෙන් පසු 1848 කැරැල්ලට පසු ලංකාවේ බුද්ධාගම වැඩිකාලයක් නොගොස් නැතිවී යනවා යයි ජේම්ස් ද අල්විස් (බණ්ඩාරනායක–ඔබේසේකර පවුල්වලට අයත්) 1860 ගණන් වල කියා සිටියේය. පන්සල හා ගැමියා අතර ඇති බැඳීම විනාශ කලයුතුය යන්න නෝත්ගේ සිටම ඉංග්රීසි ආණ්ඩුකාරයින් දැරූ මතය විය. උඩරට මහානායකලා ඉංග්රීසි රූකඩ දෙකක් විය. මෙසේ නැතිවෙනවා යයි කියූ බුද්ධාගම 1873 පනදුරා මහා වාදයත් සමඟ යලි නැග සිටියේය. ඇමෙරිකන් කර්නල් ඕල්කොට්, ලෝකයේ ප්රථම සුදු බෞද්ධයා, පහතරට වෙරළබඩ හාමුදුරුවරුන්ට උදව් කලේය. 1820 තරම් අතීතයේදී යාපනයට හා මඩකලපුවට ඇමෙරිකන් මිෂනාරීන් ගෙනගිය ඉංග්රීසි අධ්යාපනය සිංහල බෞද්ධයාට ලැබුණේ 1880 ට පසුවය. යාපනෙන් ඉංග්රීසි කතාකරණ ලිපිකරුවන්, අරුණාචලම්ලා ආවේ ඒ නිසා මිස දෙමළ මොළේ ලොකු නිසා නොවේ.
1880 ගණන්වල සිට ඇමෙරිකාවේ වහල් හිමියන් එරට කපු වතුවල කළු ගෑණුන්ගේ අන්තප්පුර දමාගෙන සිටියා වගේ සුද්දන්ට බැලමෙහෙවර කල සිංහලයින් ද තමන්ගේ කුඩා රබර්, පොල් වතුවල හොර ගෑණු දුසිම් ගණන් තබාගෙන ජොලියෙන් කාලය ගෙව්වේය. ඔවුන්ට ඕනෑ ඉතිහාසයක්, සංස්කෘතියක් නැත. සර්‍ව ජන චන්ද බලය දෙනවාට පක්ෂවූ එකම දේශපාලන නායකයාවූයේ ඒ ඊ ගුණසිංහ පමණය. එසේ වුනත් 1931 මන්ත්රණ සභා චන්දයට ඉදිරිපත්වූ සිංහල වලව්කාරයින් හැම දෙනාම අරවගේ අන්තප්පුර කාරයින් මිස රටට ජාතියට ආලයක් ඇති අය නොවීය.
මෙම වලව්කාරයින්ගේ තවත් ප්රභේදයක්වූයේ අරක්කු රේන්ද හා රජයේ කොන්ත්රාත් මගින් ධනවත්වූ අය තමන්ගේ ලමයින් පිටරට යවා උගන්නවාගෙන, සුද්දන්ගෙන් කටු සූප්පුකිරීමට ඉල්ලූ කොටසය. උගත් හා නූගත් සුද්දන්ට පස්සෙන් හිටියේ බර්ගර් ජනයාය. ඊට පස්සෙන් සිට ආණ්ඩුවේ රක්ෂා ඉල්ලා ඇඬුවේ 1919 වනවිට ජාතික සංගමයක් අටවාගත් කළු සුද්දන් කොටසය. පේරාදෙණිය සරසවියේ ශිෂ්‍ය ශාලාවලට දී ඇති නම් බලනවිට මේ කළු සුද්දන්ට ඒ කාලයේ තිබු බලය පෙනීයයි. ඒ කාලයේ නොව මෑතකාලයේදීවත් කළු සුද්දන්ගේ බලය/මතය යටගොස් නැති බව අළුත් ශාලාවකට අනාගාරික ධර්මපාල නොව අයිවර් ජෙනිංන්ස් යන නම දීමට සැදීමෙන් පෙනී ගියේය. අද විශ්ව විද්යාලවල මාෆියාවක් ගෙනියන ජේවීපී කාරයින්ගේ රේඩාර්වලට මේවා නොවැටේ. 1924 වන විට සිංහල බෞද්ධයින් පාවාදීමට මෙම සිංහල ක්රිස්තියානි කොටස් ක්රියාකල ආකාරය පිග්නේශ්වරන්ගේ කතාවකින් එළිවිය. පිග් කියන අන්දමට සිංහල ක්රිස්තියානි දෙන්නෙක් (ජේම්ස් පීරිස් හා ඊ ජේ සමරවික්රම) හා දෙමළ නායකයින් අතර පනහට පනහේ ගිවිසුමක් ඇතිවිය (තන්තායි මෙමෝරියල් ලෙක්චර්, 2013 අප්රේල් 26). පිග්ට අනුව දෙමළ ඉතිහාසය ඇරඹෙන්නේ මේ ගිවිසුමේ සිටය!
මීට අමතරව සිංහල බෞද්ධයාගේ විනාශයට හේතුවුයේ 1935 පටන්ගත් මාක්ස්වාදී ව්යාපාරයය. වතු කම්කරු හා නගර කම්කරු කොටස් රවටමින් ඉංග්රීසියෙන් ක්රියාත්මකවූ මේ ව්යාපාරය අනුව දුටුගැමුණු රජ්ජුරුවෝ ගඩොල් මෝඩයෙක් විය. පන්සලක් ආශ්රයෙන් කුඩා කල හැදුනු සිංහල හා ඉංග්රීසි භාෂා දෙකම දත් ඩී බී ජයතිලක ඔවුන්ට අනුව නිකම්ම ඇබිත්තයෙක් පමණය. අනිත් සිංහලයෝ ඉංග්රීසි කටගා ගත් කැඩිච්ච සිංහල දත් අය විය. භාෂා දෙකම හොඳින් උගත් අයට සුද්දෝ බියවිය. මාක්ස්වාදය ගොවිගම නොවන කුලවල අයට තැනක් ගැනීමේ එක් මාර්ගයක්ද විය. පොපි මල වෙනුවට සූරිය මල් ව්යාපාරයක් ගෙනගිය මොවුන්ට කළුකොඳයාවේ ප්රඥාශෙඛර හිමියන් ගෙනගිය රට ගොඩ නැඟීමේ ව්යාපාරය නයාට අඳුකොළ පෙන්නනවා වගේ විය.
බුද්ධාගම ක්රිස්තියානීන්ගෙන් බේරා ගත් හාමුදුරුවරු ඉන්පසුව ධර්මපාලතුමාගේ
දර්ශනයට යොමුවිය. එහෙත් සුද්දන් හා සිංහල කළු සුද්දන් කලේ එතුමාට මඩ ගැසීමය. මෙම උගුලට ඩී එස්ලා අසුවීම පුදුමයට කරුණක් නොවේ. නමුත් ඩී බී ජයතිලක පවා ඔහුට හතුරුවිය. අන්තිමේ ඩීබී වද ඉන්දියාවට එලවා දමන්නට සුද්දන් හා කළු සුද්දන් ක්රියාකලේය. ඔලිවර් ගුණතිලකලා මේවා පිටුපස සිටියේය.
යටත් විජිතවාදය බයිබලය, කඩුව හා බෝතලය (අරක්කු) හරහා ගෙන ගිය ව්යාපාරයක් විය. එහෙත් බොහෝ දෙනා නොසිතන දෙයක් නම් යටත් විජිතවාදය යටත් වැසියාට ශූක්ෂම ලෙස හීනමානය පොවමින් ලෝකයම ගිලගත් ව්යාපාරයක් බවය. මෙම හීනමානය නිසා බිහිවූ පිරිස් අද හැඳින්වෙන්නේ කළු සුද්දන් කියාය. මොවුන් ලෝකයේ හැම පරණ යටත් විජිතයකම බෝවී සිටින අතර ඒ රටවල වගේම ලංකාවටත් කෙලවෙලා තියෙන්නේ මුන් නිසාය. ඇල්ලේ ගුණවංශ හාමුදුරුවන් කියන්නේ ඕ මයි ගෝඩ් හා බුදු අම්මෝ කියන කොටස් දෙක ගැනය. මෙම හීන මානය ගැන බටහිර අය පොත් ලියන්නට අවුරුදු 100 කටත් පෙර එය වටහාගත් කෙනෙක් නම් අනාගාරික ධර්මපාලතුමාය. මෙම මානසික වහල් භාවයෙන් ගොඩ ඒමට ඉතා සරල මනෝ විද්යාත්මක ප්රතිකර්මයක් සිංහලයාට දුන්නේද එතුමාය. මෑතකදී ඉස්ලාම් අරාබි ජනයාට හා රුසියාවට, ඇමෙරිකාව හා එංගලන්තය විසින් මෙසේ හීනමානය පැටවීම යාම නිසා ලෝකයේ ඇතිවූ විනාශය ගැන ලියූ බටහිර පොත් ඇත.
පඹයෙක් සදා, ඊට සුදු හුනු ගා, එය ගෙදර ඉදිරිපස තබා උදේ හවස පර සුද්දා–පර සුද්දා කියමින් එයට පයින් ගසන්නැයි එතුමා කියා සිටියේය. සර් ජෝන්ගේ තාත්තා සුද්දෙකුට පාරේ හතර ගාතෙන් වැටෙන්නට පයින් ගැසූවිට ඔහුට අපේ ජෝන් අපේ ජෝන් කියමින් එතුමා සතුටුවූයේ මේ නිසාය. සුද්දන්ට පර සුද්දා කියමින් අපහාස කරන්නේ ඇයිදැයි මහේස්ත්රාත් කෙනෙක් ඇසූ විට ඔහු කියා සිටියේ පර සුද්දා කියන්නේ විදේශික සුද්දා යන අර්ථයෙන් කියා මිස පර බල්ලා යන තේරුමෙන් නොවේය කියාය.
මිලිබෑන්ඩ් කොල්ලාට මහින්ද රාජපක්‍ෂ විසින් ඇඹිලිපිටියේ සියඹලා ගහක් යට කුරක්කන් පිටි ආප්ප කැවීම හා ප්රංශ විදේශ ඇමතිට ප්රභාකරන් ලඟට යාමට ඉඩදීම ගෝඨාභය විසින් ප්රතික්ෂේප කල එක නිසා ඒ විදේශිකයින් දෙන්නාට ඇතිවූ හීනමානය ගැන අවබෝධයක් ඇති මයිකල්ට, ධර්මපාලතුමා යටත් විජිත වැසියන්ට හීන මානයෙන් ගැලවීමට සදා දුන් උපක්රමය නොවැටහෙන්නේ ඇයි?
ඒ කාලයේ සිට මේ කාලයට ආ විට, ලංකාවේ දේශපාලක හොරු (ඩී එස් ගේ සිට සිරිසේන–රනිල්–චන්ද්‍රිකා දක්වා) සිංහල බෞද්ධයින්ට සලකන්නේ සමහර පිරිමි හිතහොඳ ගෑණුන්ට සලකන ආකාරයට බව ප්රසිද්ධියේ මහජනයාට ඔප්පුකර පෙන්වා සිටියේ බොදු බල සේනාවය (සෝම හිමියන් එය කිව්වේ වක්රව පන්සලක බණමඩුවේ සිට බණ කියන ආකාරයටය). බොදු බල සේනාවේ මේ විප්ලවය නිසා කුමාර් ඩේවිඩ් වැනි දෙමළ, මාක්ස්වාදී, ක්රිස්තියානි, පෙඩරල්/ඊලම් ඉංජිනේරුවෙක් මාදුළුවාවේ සෝභිත හිමියන්ව දැළේ දාගන්නට සමත් විය. මේ කියමන් බොරුද කියා පෙන්වන ලෙස මම මයිකල්ට අභියෝග කරමි.
ඓතිහාසික වශයෙන් බලන විට ධර්‍මපාල–ඕල්කොට් යුගයට පසුව ලංකාව ගොඩ ගැනීමට ආපසු ක්රියා කලේ කළුකොඳයාවේ ප්රඥාශෙඛර වැනි හාමුදුරුවරුය. අපරාධ මර්ධන හා ග්රාම සංවර්ධන යනුවෙන් ජාතික ව්යාපාරයක් 1930ස් 1940ස් ගණන්වල දිවයින පුරාම ව්යාප්තකිරීමට උන්වහන්සේ ක්රියාකලේය. මේ සඳහා අක්බාර් නඩුකාරතුමාත්, තරුණ පොලිස් සහකාර අධිකාරී ඔස්මන්ඩ් ද සිල්වාත් එකතුවිය. මේ සඳහා උන්වහන්සේ ලියූ කරුණු 99 ක් සහිත සැලැස්ම බුදු දහමට අනුව රට පාලනය කරනවා කියන ජනාධිපති සිරිසේනත්, ලිච්චවි රනිලුත් කියවිය යුතුමය. මාක්ස්වාදීන් එක පැත්තකිනුත්, ඩොනමෝර් ඇමතිවරු හා ගුනසේන ද සොයිසා වැනි සිවිල් නිලධාරී කළු සුද්දන් අනිත් පැත්තෙනුත් මෙම ව්යාපාරය කඩාකප්පල්කර දැම්මේය. ගැමියන් හා ඔස්මන්ඩ් සිල්වා අතර පැවති සම්බන්ධය කැඩීමට අවසානයේ ඔහුව බම්බලපිටියේ පොලිස් පුහුණු මධ්යස්ථානයට මාරුකර දැම්මේය.
සිංහල භාෂාව දෙමළ බසෙන් හැදුනා කියන කාලයක පියදාස සිරිසේන, කුමාරතුංග මුනිදාස වැනියවුන් ඉදිරිපත් වුනේය. අසරණ ජනයා දියසේන කුමාරයෙක් එනකම් බලා සිටියේය. වින්සන්ට් සුබසිංහ වැන අය සඳලංකාවේ සමූපකාර ව්යාපාරය දියුණු කළේය. ඩිිෙස්ලාගේ බලවත් විරුද්ධත්වය ඉදිරියේ කන්නන්ගර මහතා නිදහස් අධ්යාපන පනත ගෙනාවේය. එසේ වුවත් ඉංග්රීසිකාරයින් සිංහලේ ජාතියට නොයෙක් නීති පනවා කල විනාශය ඉවත් කිරීමට ඩිිෙස් ප්රමුඛ කළු සුද්දන් ක්රියාකලේ නැත. මැලේසියාව, ඉන්දියාවේ හරිජන කොටස් වලට මෙන් සහනයක් සිංහල බෞද්ධයාට නොලැබුනේය. ඩිිෙස් කිව්වේ ආණ්ඩුව සරණං ගච්චාමි කියා පදයක් නැතිබවය. 29 වන වගන්තිය සිංහල බෞද්ධයා පාවාදී බලය ලබාගැනීමක් විය. මොවුන් කල බොරුවට හොඳම උදාහරණය නම් උඩරට ගැමි පුනරුත්ථාපන කොමිසමය. මේ මඟින් කල වෙනස කුමක්ද? රටේ අගනුවර කොළඹින් රජරටට ගෙනයාම, ගොවි ජනපද පිහිටුවීමට පෙර කලයුතුව තිබුණු දෙයකි. මහින්ද රාජපක්‍ෂ වැනි සරම ඇන්ඳ කෙනෙකුටවත් නොතේරෙන මෙය හීතකාලයේ එංගලන්තයේ සුද්දන් වගේ නිදහස් දිනයදා ඇන්ඳ ඩිිෙස්ලාට ඕනෑවේද?
දැන් ඕස්ට්රේලියාවේ වසන දේවනේසන් නේසයියා විසින් ලියූ ඩිස්ක්රිමිනේශන් විත් රීසන් නම් පොතේ පෙන්වා දෙන්නේ සාධාරණ හේතු මත යම් ජන කොටසකට විශේෂ වාසි ලබාදීම නීති විරෝධී නොවන බවය. එසේ නම් සිංහල බෞද්ධයින්ට ඓතිහාසිකව කල වෙනස්කම් ඉවත්කිරීම ජාති වාදයද? සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කලේ 1956 දීය. 1949 දී දෙමළ රාජ්‍ය පක්‍ෂ බිහිවූයේ, ත්රිකුණාමළය ඉන්දියාවට දීමට චෙල්වනායගම් කතා කලේ සිංහල රාජ්‍ය භාෂාව කල නිසාද?
සිංහල කළු සුද්දන්ට අනුව සුද්දන් ලංකාවෙන් ගියේ ලංකාව දියුනු කරදීය. 1959 දී බණ්ඩාරනායක ඝාතනය කලේත්, ඊට කලින් නයි විෂ පොවන්නට බැලුවේත්, 1962 කුමණ්ත්රනය කලේත් යන්තමින් හෝ සුද්දන්ගේ ක්රමය වෙනස් කරන්නට අව්වාරු අන්දමට හෝ උත්සාහයක් වූ නිසාය. දෙමළ බෙදුම්වාදයට ඇබයක් ගසන්නට සිංහල කළු සුද්දන්ට, මේ දක්වාම නොහැකිව ඇත්තේ ඔවුන් තුල තාමත් හීනමානය කිඳාබැස ඇති නිසාය. මහින්ද, සිරිසේන යනු යටිහිතෙන් කළු සුද්දන්මය. ඩී බී විජේතුංග හැර මේ හැතිකරයම 1948 ට පෙර සිටම රට විනාශකලේය. මේ වහල් ක්රමයෙන් සිංහල බෞද්ධයින් ගැලවිය යුතුයයි කීම සිංහල අන්තවාදය යයි මයිකල් රොබට්ස් සිතනවාද? අඩු තරමින් බොරුවට වත් බුද්ධාගමට නිසි තැන දියයුතුයයි 1505 පසුව ප්රථම වරට 2016 දී කතෝලික පල්ලියේ කාඩිනල් දැන් කියා සිටී. මෙසේ ව්යවස්ථාවේ බුද්ධාගමට ප්රමුඛ තැන දෙනවා කියන කතාව ශතපහක වැඩක් නැති ප්රෝඩාවක් බව කාඩිනල් සැමදාම දැන සිටියේය. එවැනි දෙයක් බුද්ධාගමට අවශ්‍ය නැති බවත්, අවශ්‍ය හතුරන්ගෙන් බුද්ධ සාසනය රැකදීම පමණක් බවත් ගුනපාල මලලසේකර මහතා 1957
*** ***
PERTINENT LITERATURE … SELECT FEW
Sarath Amunugama: The Lion’s Roar, Colombo, Vijitha Yapa Publications, 2016
Ananda Guruge: Return to Righteousness, 1965
Michael Roberts: “Ethnic Conflict in Sri Lanka and Sinhalese Perspectives: Barriers to Accommodation”, Modern Asian Studies, 1978, vol 12, pp. 353-76.
Michael Roberts: “For Humanity. For the Sinhalese. Dharmapala as Bosat Crusader,” Journal of Asian Studies, 56: 1006-1032. . …. reprinted in Confrontations, Colombo, Yapa, 2009].
Michael Roberts: “Himself and Project. A Serial Autobiography. Our Journey with a Sinhala Zealot, Anagarika Dharmapala,” Social Analysis 200044, 1: 113-39 [reprinted in Confrontations, Yapa, 2009].
Michael Roberts: “Sinhala-ness and Sinhala Nationalism,” in G. Gunatilleke et al (eds.): A History of Ethnic Conflictin Sri Lanka: Recollection, Reinterpretation and Reconciliation, Colombo: Marga Monograph Series, 2001b No 4.
Michael Roberts: “The burden of history: obstacles to power sharing in Sri Lanka”, Contributions to Indian Sociology, n. s., May 2001, 35: 65-96
Michael Roberts: “Primordialist strands in contemporary Sinhala nationalism in Sri Lanka: urumaya as Ur,” Colombo:Marga Monograph Series on A History of Ethnic Conflict in Sri Lanka: Recollection, Reinterpretation and Reconciliation, Colombo: Marga Monograph Series, No 20.
Michael Roberts: Sinhala Consciousness in the Kandyan Period, 1590s-1818, (Colombo: Vijitha Yapa Associates, 2004
Michael Roberts: Confrontations in Sri Lanka. The Sinhalese, LTTE and Others, Colombo, Vijith Yapa Publications, 2009, ISBN 9789556650358
Michael Roberts: “Where Majoritarian Part subsumes the Whole. The Ideological Foundation of Sinhala Extremism,” 28 July 2016, https://thuppahis.com/2016/07/28/where-majoritarian-part-subsumes-the-whole-the-ideological-foundation-of-sinhala-extremism/#more-21781
